Tuesday, September 6, 2011
Thursday, June 23, 2011
කොහොමද දැන් ඉන්දියාව අරින ඇරිල්ල? සනීපයි නේ...?
IPL යනු ඉන්දියාව සිය එක්දින ක්‍රිකට් ක්‍රීඩාව මුවහත් කරගැනීම සඳහා යොදාගත් හොඳම ක්රමවේදයයි.එම ලෙසටම අප වගේ රටවල් වල ක්‍රිකට් නැති භංග කර දැමීමටත් එය යොදාගන්න ඔවුන්ට හැකිවී ඇත.
එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් මරාගන්න කවුද අකමැති.
මන්ද සල්ලි දුටු විට ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම පසෙක දමා ජාතික කණ්ඩායමට අදාල තරඟ කඩාකප්පල් කරගෙන හෝ මෙහෙ ඉඳන් ම කලිසම් ගලවගෙන දෙන්න දුවන ක්‍රිකට් විරුවන් අපට ඇති නිසාවෙනි.ඒ වෙනුවෙන් ජාතික කණ්ඩායමේ නායකත්ව,උපනායකත්ව යෙන් පවා අස් වීමට අපේ මේ ක්‍රිකට් විරුවන් සුදානම්ය.එයටම හරියන කොන්ද පණ නැති පාලක මණ්ඩලයක් සහ ක්‍රීඩා ඇමතිවරු ද අපට සිටී..
දීමේ තරමටම ඇරිල්ලේද සැර වැඩි බව පෙනේ..කොහොමද දැන් ඉන්දියාව අරින ඇරිල්ල?
සනීපයි නේ...?

Sunday, June 19, 2011
Sunday, April 3, 2011
Sunday, March 27, 2011
කලුතර බෝධිය පසු කරමින්...
බස් එක කළුතර බෝධිය පහු කරමින් තිබුනෙ..බෝධිය ලඟදි පස්ස නො'උස්සපු එකම එකා මම වෙන්න ඇති..
මට එහා පැත්තෙ හිටපු මැදිවියට ආසන්න ගැහැණිය කාසි අහුරක් පාරට වීසි කරලා වැඳලා ඉවර වෙලා මම දිහා නොරුස්සනා බැල්මක් හෙලුවෙ ඒ නිසාම වෙන්න ඔනේ..පාරට වැටුනු කාසි ටික විසිරිලා යනවා..
මම ඒ දර්ශන දෙකෙන්ම ඇස් මුදවගෙන අනෙක් පසෙට යොමු කරා..
එහා පැත්තේ , නවීන පන්නයට සැරසිලා හිටපු තරුණ ජෝඩුවෙ තරුණයා වැඳලා ආපහු ඉඳ ගත්තේ කරේ තිබුණු ඝනකම් චේන් පොටේ අග ධර්ම චක්‍රයක් ලෙස නිර්මානය කරල තිබුනු පෙන්ඩනයත් සිප ගනිමින්ම..
තරුණිය සැනසුම් දායක මුහුණකින් යුතුව නැවතත් තරුණයාට තුරුල් උනා..පෙරටත් වඩා දැඩිව..
එතනිනුත් ඇස් ඉවත් කරගන්න සිදු උනේ තරුණයාගෙන් ලැබුණු නොරිස්සුම් සහගත,ප්රශ්නකාරී..සහ සමච්චල් සහගත බැල්ම නිසාම..
බෝධියට ආසන්න වෙද්දි නතර වුනු කැසට් එක ඒ වෙනකොටත් ආපහු හඬ තලන්න පටන් අරන්..

Thursday, March 24, 2011

වැහි අඳුර පරිසරයම වෙලා ගෙන තිබුනා..ලාවට වගේ හමා යන සීතල සුලඟකුත් තිබුණා
මම ඉඳගත්තේ උඩු මහලේ කෙලවරට වෙන්න තිබුණු මේසේ ගාව කවුළුව අයිනේ.
මෙතනට වැව වගේම පාරේ එක පසෙකුත් හොඳින් දර්ශනය වුනා..
ඇනවුම් කරපු බීර බෝතලයයි සිගරට් පැකට්ටුවයි වේටර් අරන් එන කොටත් සිරි සිරි පොදයක් පටන් අරන්..
මම කවුළුවෙන් පිටතට ඇස් යොමාගෙනම බීර වීදුරුව මුවට ලං කරා..
අසම්පූර්ණ නව? කථාවක දිග හැරුම... ලඟදීම......
coming soon....
Monday, March 7, 2011
වෙඩි වැදුණු හිත
වෙඩි වැදුණු තුවාල අඩුම තරමෙ පහක් වත්..හිල් වෙලා.ලේ ගලනවා.පුදුමෙ කියන්නේ මම මැරිලා නැහැ.මේ දැන් සිහිය ආවේ
මම නැගිටින්න බැලුවා.නැගිටින්න නම් අමාරුයි.ලේත් ගලනවා..ඉවරයක් නැහැ.
කොහොම හරි නැගිටින්න ඔනේ.මේක මේ සුළු පටු කාරණයක් නෙවෙයි නේ.වෙඩි වැදිලා තියෙන්නේ.දැන්ම මුකුත් නොකොරොත් මම මැරෙයි..
ඔව් මම මැරෙයි..මම හොඳම දහිරිය දැම්මා ඒත් බැහැ
එතකොට මට කවුද වෙඩි තිබ්බේ...?ඉස්සරහින් තියල තියෙන්නෙ..පසුපසින් නම් නෙවෙයි.ඒත් ඇයි..?මට...
මැරෙන්ඩ ඔන්න මෙන්න, ඒ අස්සෙ කෙලවරක් නැති ප්‍රශ්න
ආයිත් පාරක් මම නැගිටින්න උත්සාහා කරා..අඩපණයි ඒ පාර නම්.මම හිත හදාගන්න හදනකොටම මට නින්ද ගියා..
මට හීනයක් පෙනුනා..
මම හිටියේ ලස්සන වත්තක් මැද්දේ,සිමෙන්ති බංකුවක් උඩ. හොඳට වතු අලංකරනය කරපු වත්තක්.හරිම පිළිවෙලයි හැම දෙයක්ම.අතරින් පතර ලොකු ගස්, අතු විහිදුනු.වත්ත පුරා තණ පිටිය..
මට ටිකක් එහාට වෙන්න තිබුණු ගහේ සැලලිහිනියෙක් හිටියා
ඌ ටිකක් දුක්බරව වගේ හිටියෙ..
ඒත් එක්කම ඈත අහසෙ ඉඳල ආව ලස්සන කුරුල්ලෙක් මගෙ ලඟට වෙන්න තිබුණු අත්තක වැහුවා
කවදාවත්ම මම දැකල නැහැ ඒ වගෙ කුරුල්ලෙක්
"නැහැ ඒ කිරිල්ලියක්.." මට කවුදෝ කිව්ව. මම හැරිල බැලුව කට හඬ ආවේ පිටිපස්සෙන්..ගැහැණු කටහඬක්, ඒත් කවුරුවත් නැහැ..ලස්සන දිග සුදු සේලයක් වගේ එකක් එක පාරටම උඩට ගිහින් අතුරුදහන් උනා...මම ආපහු කිරිල්ලි දිහාවට හැරුනා
මේ කිරිල්ලි කොහෙන්ද? මම කලින් දැකලනම් නැහැ..ඇත්තටම ඔයා ලස්සනයි.ගොඩක් ප්‍රශ්න මට අහන්න තිබුණ
හැඩරුව කියනවානම් සිහින් සිරුරක් තියෙන්නේ.ටිකක් දිගයි..කහ සුදු මිශ්‍ර වුණු අමුතු ලස්සන පාටක් තිබුනෙ
කිරිල්ලි හොට ඈත් කරා.. මට පෙනුනෙ මගෙත් එක්ක හිනා වෙනව වගේ.මමත් පෙරලා හිනා උනා
කිරිල්ලි මොන මොනවදෝ කියන්න ගත්තා.හරිම මිහිරී..
ඒකෙ රිද්මයකුත් තිබුනා..මට තෙරුනා කිරිල්ලි සින්දු කියනවා කියලා
එයා ගායනා කරේ සැලලිහිණියා දිහා බලාගෙන.සැරින් සැරේ මගෙ පැත්තත් බලනවා මට පෙනුන.
මට හීනෙන් ම මතක් උනා මට වෙඩි වැදිලා නේද තියෙන්නෙ කියලා..මම මගේ අත අරන් ගියා පපුවෙ උඩ හරියට වෙන්න තුවාල වෙලා තියෙන තැනට එතන සීතලයි..ලේ හින්දා වෙන්න ඇති.මම ආපහු අත පහලට ගත්ත.මට ලොකු දුකක් වගේම බයකුත් දැනුණ.
කිරිල්ලි දිගටම ගායනා කරනවා..හරිම මිහිර්යි.
ඔන්න ඔය අතරෙ මගේ ගාවට එක පාරටම සුදු ම සුදු පූසියෙක් ආවා..ආපු ගමන් බංකුව උඩට පැන්න. මම සුදු පූසිව මගෙ ලඟට ගත්තා.පූසි මගෙ ඇඟේ දැවටෙන්න ගත්ත.පුරු පුරු ගගා මගේ ලඟම දැවටි දැවටි ඉන්නව.පූසිගෙ පුංචි ඇස් දෙක නිල් පාටයී..ඒ ඇස් දෙකින් මගේ දිහා දුකින් වගේ බලාගෙන හිටියා..මට හිතුනා පූසිටත් තේරිලා ඇති කියල මට තුවාල වෙලා තියෙන්නෙ කියලා
මම පූසිත් එක්කත් හිනා වෙන්න උත්සහා කරා..නැහැ මම දුකකින් නෙවෙයි ඉන්නෙ කියලා පෙන්වන්න.ඒත් බැල්ම වෙනස් උනේ නැහැ..හැබැයි තව ටිකක් මගේ ලඟට ලං වුනා
මම කහසුදු කිරිල්ල්ගෙ සින්දුවට ඇහුම්කන් දීගෙන ම හිටිය..
දැන් නම් මට තුවාල තියෙනවා කියලත් දැනෙන්නෙ නැහැ..අමුතු සනීපයක් මට දැනෙන්න උනා..මම තව ටිකක් තද කරල ඇස් දෙක පියාගත්ත..
අර කිරිල්ලිය තවම සින්දු කියනවා..පුසියත් දැවටි දැවටි ඉන්නවා...
මට එක පාරටම යමක් මතක් උනා.මගෙ ඇඟ පුරාම ලේ ඇති.පුසි ගෙ ඇඟෙත් ලේ ගෑවෙයි මම අහකට යවන්න්න හැදුවත් පූසි යන්නේ නැහැ..ලඟටම එනවා..
ඔන්න ටිකක් වෙලා යද්දි සිහිනෙ නැතුව ආයිමත් මට නින්ද ගියා..
මට ඇහෙරෙන කොට ටිකක් දවල් වෙලා..
මම වට පිට බැලුවා..කිරිල්ලිය වත් පූසිය වත් ලඟ නැහැ
ඒ වෙනුවට වටු කුරුල්ලා ඇවිල්ල..
මම ආපහු ඇස් පියාගත්තා..
වටු කුරුල්ල ඒක දැක්කද කොහෙද?
දැන් ඇති නිදාගත්තා අපිට ගෙවල් හදන්න යන්න තියෙනව ඉක්මන් කරන්න කිව්වා...
මට කේන්ති..මම තුවාල වෙලා ඉන්නේ.නැගිටින්න වත් බැරුව,මැරෙන්න ඔන්න මෙන්න.ඒ අස්සේ මෙයා මට ගෙවල් හදන්න යන්න කතා කරනවා..
මම මුකුත් කිව්වෙ නැහැ.එයාටම තෙරුම් ගන්න දීල නිහඬවම හිටියා.
අයිත් මෙන්න ඌ කතා කරනවා..එන්නෙ නැද්ද? ඒ පාර නම් මට කේන්තියි හොඳටම.මම ඇහුව පේන්නෙ නැද්ද වෙලා තියෙන දේ..මාව දැන් එක්කරගෙන යන්න එන්නෙ මලවුන් කියලා..
වටු කුරුල්ල හය්යෙන් හිනා වුනා..ඌ කුරුලෙක් උනත් ඌට සමච්චල් විදිහට හිනා වෙන්න පුලුවන්,කැත විදිහට.
මට කේන්ති ගියා.. මම නැගිට්ටා..මෙන්න මට නැගිටින්න පුලුවන්.අහ් මට මොකද උනේ..? කෝ මගේ තුවාල..එවා හොඳ වෙලා..කැලැල් විතරයි.
ඒත් එක පාරටම ඇතුලෙන් රිදුමක් ආව..මට තෙරුණා තුවාල හොඳ වෙලා තියෙන්නෙ පිටින් විතරයී.දැන් ඉතින් කරන්න දෙයක් නැහැ..මම වටු කුරුල්ලත් එක්ක යන්න පිටත් උනා.ගෙවල් හදන තැනට.කැලේ..ට.
මම වගේම වටු කුරුල්ලොත් එක්ක ආපු අය ගෙවල් හදනවා.උන්ගෙ මූනවල් වල පුදුම සතුටක් තියෙන්නෙ...එකෙක් වත් නැහැ මම වගේ දුකෙන් ඉන්න
මම ඇයි දුකෙන් ඉන්නෙ? මට තුවාල වුණු හින්දද? ඒ තුවාල තවම රිදුම් දෙන හින්දද?
එහෙමත් නැත්නම් මට පූසිවයි කිරිල්ලිවයි මතක් වෙලාද?
තේරුම් ගන්න අමාරුයි..දුකෙන් ඉන්නෙ කියල විතරයි දන්නේ
කට්ටිය හෝ ගාල වැඩ.ගෙවල් හදනවා..ලස්සනට. හරියට වෙසක් කූඩු තරඟයකට වගේ.හොඳම ගේ තෝරනවද දන්නෙ නැහැ සමහර විට
මට ඔනේ උනේ ඉක්මනට මෙතනින් පැනගන්න.ගෙදර ගිහින් නිදාගන්න.අදත් පූසි සහ කිරිල්ලි ආවොත්?
ඒත් එක්කම හිතට ආව නාවොත් කියල
හිතන්න වත් වෙලාවක් නැහැ..
වටු කුරුල්ල ආයිත් මොනවදෝ කියනව ඇහුනා..
මට මේ මොකද වෙලා තියෙන්නෙ..ඉස්සර ගෙවල් හදන්න අවහම මම මෙහෙම බල බල හිටියෙ නැහැ.
"උඹට පිස්සු..."
මට කවුරු හරි කියනවා ඇහුනා..රළු කට හඬක්.
"ගේ හදපන්..ඉකමනට.උඹ විහින් මැරෙන්නද හදන්නේ.."
මම පසු පස හැරිලා බැලුවා..
කලු මොකෙක්දෝ සතෙක් කැලේ ඇතුලට දුවලා ගියා
මම වටුකුරුල්ලත් එක්ක එකතු වෙලා ගේ හදන තැනට ආයිත් ගියා..කට්ටියම වැඩ.
මමත් ඔවුන්ටම එකතු උනා
තවමත් අර තුවාල ඇතුලෙන් රිදුම් දෙනවා..

Sunday, March 6, 2011
ප්‍රේම නගරය
නුවර හරිම පූජනීයයි
නැහැ.. නුවර හරිම ප්‍රේමණීයයි
හරි හරි පූජනීය ප්‍රේමය..
නැහැ එහෙම නැහැ
ප්‍රේමය ප්‍රේමණීයයි..
නුවර වැව නොවේ..
බෝගම්බර වැව
නැහැ..
ඒක නුවර වැව
නුවර නිකන්ම නුවර නොවේ..
මහ නුවර
නැහැ "මහ" වචනය හොඳ නැහැ
එහෙනම්..?
කොහොමද නුවර මහ නුවර නොවී
පැරිස් නුවර උනා නම්?
නැහැ.. නුවර හරිම ප්‍රේමණීයයි
හරි හරි පූජනීය ප්‍රේමය..
නැහැ එහෙම නැහැ
ප්‍රේමය ප්‍රේමණීයයි..
නුවර වැව නොවේ..
බෝගම්බර වැව
නැහැ..
ඒක නුවර වැව
නුවර නිකන්ම නුවර නොවේ..
මහ නුවර
නැහැ "මහ" වචනය හොඳ නැහැ
එහෙනම්..?
කොහොමද නුවර මහ නුවර නොවී
පැරිස් නුවර උනා නම්?
Wednesday, February 23, 2011
මල් ගවුම
මල් වැටුණු ගවුමක
ඇතුලට වෙලා නුඹ..
කා.....ලයකට පසු
ඇත්තටම ඔහොම
මුල් වරට දෝ මන්දා?
ඒ උනත්
කොහේ හෝ ඔය සිතුවම
ඇඳිලා තියෙනවා..
එක වරම
සිත කොහි ගිහින්?
නොරිස්සුම්,අමනාපකම්
හිත් රිදුම් පසු තැවුම්
සහ මනස්ගාත?
සියලු දේ
අහවරව
කුමක්දෝ කුලුඳුල්
හැඟීමක් මතුවෙලා..
ඇතුලට වෙලා නුඹ..
කා.....ලයකට පසු
ඇත්තටම ඔහොම
මුල් වරට දෝ මන්දා?
ඒ උනත්
කොහේ හෝ ඔය සිතුවම
ඇඳිලා තියෙනවා..
එක වරම
සිත කොහි ගිහින්?
නොරිස්සුම්,අමනාපකම්
හිත් රිදුම් පසු තැවුම්
සහ මනස්ගාත?
සියලු දේ
අහවරව
කුමක්දෝ කුලුඳුල්
හැඟීමක් මතුවෙලා..
Tuesday, February 22, 2011
අතරමං වීම?

"පාර හොඳටම වැරදිලා තියෙන්නේ...
ඔයා මට පේන්නේ දුර ඉඳලාම පාර වරද්ද ගෙන වගේ..
ඔයා අර එක තැනකින් හැරුණු හැටි වැරදියි වගෙ...
ඔව් මම කියන්නේ මේ පාරේ දිගට ගියොත් අතරමං..
අය්යෝ..දැන් බලන්න ඔයා විතරක් නෙවෙයි ඔයා එක්ක ඇවිල්ලා මමත් දැන් අතරමං
මම හිතුවේ ඔයා එනකොට පාර හොඳට දන්නවා ඇති කියලා..ඔයාමනේ කිව්වෙ මේ පාරේ යමු කියලා..
ඔයා හොඳටම දන්නවා මම කොහොමත් මේ පාරවල් දන්නේ නැහැ කියලා ඔයා දන්නවා ඇති කියලා හිතලා තමයි මම ආවේ..
තවත් නම් මට බැහැ මේ පාරේ යන්න...
ඒත් මට හිතුනා..බලන්න මග දිගට හමුවුනු අය
ඔක්කොම මට පේන්නෙ අතරමං වෙලා..මම කැමති නැහැ ඒ මිනිස්සුන්ට
මම හැරෙනවා..
මම නවතිනවා.."
ඒ ඇය..
"එතකොට ඔයා...කොහොමද...?"
මම සම්පූර්ණ කරන්නත් කලියෙන් නැවත ඇය...
"නැහැ කවුරු හරි මුන ගැහෙයි පාර හොඳට දන්න
මට විශ්වාසයි එහෙම අය ගොඩක් ඉන්නවා..
හොඳ මාවත් හොඳට දන්න..
මට උදව් කරයි.
සමහර විට ආපහු හැරිලා එන කෙනෙක් හරි.."
"මම කැමති නැහැ තවත් අතරමං වෙන්න
තරහ වෙන්න එපා..
නැහැ මම කියන්නේ..."
ඇය තවත් මොනවදෝ කිව්වා.
මම පාර දිගේ ඉදිරියටම ආවා..
තවමත්...
Monday, February 7, 2011
මාතෘකාවක් නැත..
ඇත්තටම මට තේරෙන්නෙ නැහැ මොකක්ද කරන්න පුළුවන් කියලා.. එකක් නෙවෙයි බන් ප්‍රශ්න වැලක්. තත්වය සම්පූර්නයෙන් ම පාලනයෙන් ගිලිහිලා වගෙ.මට මෙලෝ දෙයක් හිතාගන්න බැරිව ඉන්නේ..
අඩකට ආසන්න හිස් වුණු ඔල්ඩ් අරක්ක්කු භාගය දෙපැත්තේ ඔහු සහ මම.
ඉතින් බලපන්...
ඔහු නැවතත් දොඩමළුය.එතරම් ම අවධානයක් නැතත් අසා සිටිමි.
ඕක අවධානයෙන් අහන් හිටියා නැතා කියල ඇති බම්බුවක් නැහැනේ.මොකද ඌ කියන ඔය ප්‍රශ්න වලට මගේ ගාව විසඳුම් තියෙන එකක්ද? අනිත් එක ඌත් දන්නවා මගෙන් ඕකට සැනසුම් දායක පිළිතුරක් ලැබෙන්නේ නැහැ කියලා..ඌටත් ඔනේ මම වෙන සබ්ජෙක්ට් එකකට මාරු වෙන්න කලින් ඔය ඌම කියන ප්‍රශ්න වැලෙන් කීපයක් හරි එළියට දාන්න..
උඹට බෝරින්ග් ද මන්දා..කාලෙකට පස්සෙ සෙට් වුනු එකේ..
ඔහු නොදන්නවා නොවේ...ඔහුත් ඔබෙන් කෙනෙකි.අපෙන් කෙනෙකි
"ඕවා ඔහොම තමයි බන්.."
දෙන්න තියෙන අන්තිම උදාසීන ,අධේර්යවන්ත එහෙත් බොහෝ ජනප්‍රිය ගැලවුම්කාර උත්තරය මගෙන්.
එතනින් එහාට දැන් ඉතින් ඔහු තියා මොකෙක් වත් යන්නේ නැහැ..
ඔව් බං මම දැඩි තීරණයකට යන්නත් හදලා ආයිත් නිකං හිටිය.
ඔහු තවත් දුම්වටියක් දල්වයි.
නිකොටින් පිරුණු දුමෙන් මේ තරම් පුරවන්න අපේ පපු කුහර ඒ තරම් ම හිස් ද?
උඹ හිතන්නේ මොකක්ද චන්දය ගැන?
මාව සතුටු කිරීමට සිතා ඔහු නැවත විද ඇත්තේ වැරදි ඉලක්කයකට මය...
මම දැන් පොලිටික්ස් වලට උනන්දු නැහැ බන්.
අනිත් එක ඕක පොලිටික්ස් නෙවෙයි නෙ...
ඒකත් හරි..
ඔහු පසුතැවෙනවා විය යුතුය.අනවශ්‍ය කතාබහකට මුල පිරීම සම්බන්දයෙන්.
ඔහු ගොඩ ඒමට මාර්ගයක් සොයමින් සිටී.පැහැදිළිවම..
වරද කාගේ උනත් මම මේ අවස්ථවේ පිහිට විය යුතුමය.මම නැවත පීල්ල මාරු කළෙමි.
දැන් එතකොට උඹ කියන්නේ උඹ ඩිවෝස් වෙන්නත් කැමතිි නැහැ කියලද?
මගේ ට්‍රැක් මාරුව එක වරම ඔහුට සිතා ගැනීමට මදක් අපහසු සේයාවකි..
එහෙත් ඔහුගේ පිටියකි මෙය.
ඔව් උඹට පිස්සුද?
ඇයි බන්? ඕකට තියෙන එකම විසඳුම තමයි මම කිව්වේ..ඕක මගේ එකක් නෙවෙයි..එදා ඉඳලා තියෙන එකක් නෙ
නොගැලපේ නම් වෙන්වීම තමයි හොඳ එහෙම නෙ කියන්නෙ
ඔව් මම දන්නව උඹෙන් එන විසඳුම ඕක කියල...
අන්න ඒකනේ උඹ ල ගෙ වැරදි වැටහීම්.දැන් මම කියපු එක වත් හරියට තේරුම් ගත්තෙ නැහැනෙ.
මම ත් පුද්ගලිකව ඔය ඩිවෝස් කියන මඟුලට විරුද්ධයි.මම වෙන්වීම කියන එකට හරි අකමැති මිනිහෙක් බන්..
ඒත් ඉතින් උඹල ඔය නීති වලට යටත් ව නේ හැම එකම කරන්නේ..නීති ප්‍රකාරව බැන්ඳ වගේම ඉතින් උඹළට නීති පොතේ ඔහොම එකකුත් දීල තියෙනවා..
මම එක දිගටම කතා කරමින්..සිටිමි
දෙවනුව ගත් කාලත් නිමාව දකිමින් තිබේ
ඔහු තරමක් නොඉවසිලි ගතියකින් යුක්තවය..
නැද්ද මම අහන්නේ...?ඔහුට ඉඩ දුන්නෙමි
ඔන්න එතනදී එක පාරටම අර සිනහාව ආව..තදින්ම නොඋනත් තරමක් හය්යෙන් නගන සිනහාව.ඔහු මනාව පුරුදු පුහුණු කල හිනාවක් වෙන්න ඔනේ
යකෝ උඹ ජීවිතෙට හැදෙන්නෙ නැහැ...
ඔව් අපි බැන්දා.ලමයෙකුත් හැදුව.රන්ඩු අල්ල අල්ල හරි ගෑනිත් එක්ක පිළිවෙලකට තවමත් ඉන්න බලනවා..අඩුම තරමේ එලියට හරි.බලපන් කොච්චර උනත් ගෑනීගෙයි මගෙයි දෙන්නගෙම අදහසක් නැහැනේ ඩිවෝස් වෙන්න.
උඹ... මහ රෑ වෙනකන් බාර් ගානේ රස්තියාදු වෙලා..අර පිස්සන් කොටුව වගේ කාමරේට වදිනව නිදාගන්න.
ටික දවසක් අර එකක් එක්ක හිටියා..ඒක උඹට වඩා පන්ඩිතයි.පන්ඩිතයෝ පන්ඩිතයෝ සෙට් උනාහාම හරියන්නෙත් නැහැ කියනවනේ...උඹලගෙ බම්බු ලිවින් ටුගෙදර්
දැන් මොකක්ද උඹ කරන්නේ මරුවා සමග වාසේ ද?
දැන්වත්් හැදෙන්න බලපන්.
ඔන්න ඕක විගහට ඉවර කරල යමු යන්න..
රෑ වෙන්න කලින් යන්න ඔනේ..අද මම ගෑනිට උයන්න එපා කිව්ව එළියෙන් ගේන්නම් කියලා..
ගෑනිත් බඩගින්නේ..පොඩි එකත් මම එනකන් බලන් ඉන්නව.
උඹ තව බොනවද? උඹ බොනව නම් ඉඳලා වරෙන් මම යනව...මම මේකට ගෙව්ව.
ඔහු වේගයෙන් ඈතට පියමනිනු පෙනෙයි.
බණ්ඩාර අය්යා නැවත මා අසලය..
ඔව් තව සීයක්....

Friday, February 4, 2011
නැවතීම..?

එතනදී තවත් අමුතු දෙයක් වෙන්ඩ තිබුනේ නැහැ.ඇත්තටම ඒක සාමාන්‍යයි.හරිම සමාන්‍යයි.මම එහෙම කියන්නේ කාට හරි අසාමාන්‍ය ගතියක් පොඩ්ඩක් හරි දැනුනොත්..
කොහොම හරි එයා මට කිව්වා, "දැන් අපි මෙතනින් මේක නවත්වන්න ඔනේ..ඔව් ස්ථීර්වම අපි?(මට ) මේක නවත්වන්න ඔනේ.. අපි මෙහෙම හිතමු.."කියල එයා තව මොනවදෝ කියාගෙන ගියා. සමාවෙන්න මම හරියට අහන් හිටියෙ නැහැ.හැබැයි නවත්වන්න හේතු නෙවෙයි එකක්වත්, ඔක්කොම නවතින්න ඔනේ කියන්න උදාහරණ.ඒක පැහැදිලියි.ඒ දෙක දේකක් නේ.
එහෙම නවත්වන්න හේතුවක් මම වත් එයා වත් දන්නෙත් නැහැ එහෙම එකක් මම අහන්නෙත් නහැ කියල එයත් මමත් හොඳටම දැන්නව.ඉතින් කොහෝමත් කියවෙන්නෙ නැහැ
එයා කිව්වෙ නැවතුම කියන එක අනිවාර්යයි කියන්න තියෙන උදාහරණ..
එයා අන්තිමට මෙන්න මෙහෙම කිව්ව..
"මම හිතන්නේ හැම දේයක නැව්තුමක් තියෙනවා.එහෙම නැහැ කියල කාට හරි කියන්න බැහැ.පොඩ්ඩක් ඉන්න වැරදියට ගන්න එපා මම මේ කියන්නේ සියළු දේ අනිත්‍යයි කියන එක නෙවෙයි.ඔව් තෙරුම් ගන්න අමාරු නම් එහෙම හිතුවත් කමක් නැහැ.ඒක අපි දන්න කාලේ ඉඳලා අහල තියෙන එක නෙ"
එහෙම කියාගෙන කියාගෙන ගිහින් එයා යන්න ගියා.
හරිම සාමාන්‍යයි "මම යනව.." එච්ච්චරයි කිව්වෙ.
එයා ගියා..ඒක ඇත්තටම යාමක්. ඒක ස්ථීරයි.ස්ථීරයි කියන වචනය තිබුනා එතන.
මමත් ආපහු හැරුන..හැරුන කියල වැඩක් වෙන්නෙ නැහැ. මම යන්නත් ඔනේ ඒ පැත්තටමයි.ආපහු හැරුන.ඒ දිහාවටම ගියා..දෙන්නම එකම දිහාවට..
එයා මට ටිකක් ඉස්සරහින් යනවා...මම ටිකක් පසුපසින් යනවා.අපි අතරේ එතරම දුරක් තිබුනෙ නැහැ.මම ගමන වේගවත් කරන්න ගියෙත් නැහැ.අමුතුවෙන් මන්දගාමි කරෙත් නැහැ.එම වේගෙන්ම ගියා.සමහරවිට එකම බස් එකේ යන්නත් පුලුවන් දෙන්නම.එද්දි අපි ආවේ එකම බස් එකේ නෙවෙයි උනත් යද්දි එකේම යන්න පුලුවන්.එයා නගින හරියෙන්ම..ඒක ටිකක් අවුල් වගෙ?
එයා ඉස්සරහින් නැග්ගොත් මම පස්සෙන් නගිනවා එය පස්සෙන් නැග්ගොත් මම ඉස්සරහින් නගිනවා..මම එහම හිතා ගත්ත..
ඇත්තටම ඔලුව අතුලෙ කිසිම දෙයක් නැහැ වගේ..හිස්බවක් ද?නැහැ එහෙම හිස් බවක්වත් නැහැ.
සිගරට් එකක අවශ්‍යතාවයක් තිබුනත් ඒ හරියෙ සිගරට් එකක් බොන්න පුලුවන් හෝටලයක් නැහැ.රුහුණු එකට ගියා නම ් ප්ලේන්ටියකුත් දාගෙන උඩට ගිහින් එකක් බොන්න පුලුවන්.ඒත් මෙතන ඉඳල ටිකක් අවිදින්න වෙනව.එකටත් කම්මැලියි.හැබැයි සිගරට් එකෙ අවශ්යතාවයත්් දැන් තදින්ම දැනෙනව..
අන්තිමට මම ගිහින් ඉඳගත්තෙ විජෙවර්ධන බාර්් එකේ...පුරුදු තැන.පුරුදු කෙලවර ඉතුරු වෙලා තිබුන.මොකද අදත් මම ටිකක් කලින්
මේ වගේ වෙලවකදි හැමෝම කරන්නේ මේක.බම්බුව..මට එයාව හමු වෙන්න එනකොටත් ඔලුවෙ තිබුනෙ බියර් එකක් හරි බොන්න.
එයා මෙතනට සම්බන්ධ වෙන එකක් නැහැ.අරක්කු වලින් මේ වෙලාවට පරණ මතකයන් අවුස්සල හැගීම් බර කරන්න පුලුවන් තමයි.ඒත් එහෙම මතකයට නගන්න තරම් හැගීම්බර දෙයක් අපි අතරෙ තිබුණෙ නැහැ.ඇත්තටම මම ඒක මේ දැන් කල්පනා කරනව.කිසිම දෙයක් නෙද්ද?
කවුරු හරි දැන් අහුවොත් මොකෝ තනියම බොන්නේ ප්‍රශ්නද කියල අද නම් නොබී වෙරි වෙන ජාතියේ උත්තරයක් හැබැයි තියෙනව.මට ඒකට තනියම හිනා.
මට පොඩි පසුතැවීමක් තිබුනෙ මම ඒ වෙලාවෙදි මුකුත් නොකියපු එක.එයත් මගෙන් මුකුත් ඇහුවෙත් නැහැ..ඇහුවද කියල මට ඇත්තටම මතකයකුත් නැහැ.
තවත් සීය කුත් මුල් බිලටම එකතු වෙලා බාර් එකෙන් එලියට බහිද්දි ටිකක් රෑ වෙලා උනත් බෝඩිමට යා ගන්න ප්‍රවාහන පහසුකම් එච්චර කරදරයක් උනේ නැහැ
ටිකක් විතර වෙරියක් දැනෙනව..මම බෝඩිමටත් ගියාට පස්සෙ ඒ කෝල් එක ගත්තෙ..
පෝන් එක ඕෆ් වෙලා තිබුනේ. මම හිතන්නෙ මම බාර් එකේදි ඕෆ් කරා වෙන්ඩ ඔනේ.
එයා කතා කරා..
"ඔයා කොහේද ඉන්නෙ මම දැන් සෑහෙන්න වෙලාවක ඉඳල ගන්න බලනව පෝන් එක ඕෆ් නෙ..මේ අපි කතාකරමු..මේක මෙහෙම වෙන්න ඔනේ නැහැ..කෝ ඔයා මොකද සද්ද නැත්තේ.."
එයා දිගටම කියවගෙන යනව.....
Wednesday, February 2, 2011
අසම්පූර්ණ කතාවක්?

ඊට පස්සෙ වෙන්න තිබුනේ මනමේ නාටකයේ අන්තිම සීන් එක.ඒ කියන්නේ එයා එයාගේ අලුත් කුමාරයාට කඩුව දෙන්න නියමිත යි මම ඒක හොඳටම දැනගෙන හිටියා.ඔව් ඌත් කුමාරයෙක්.මෙතන වැදි නායකයෙක් නැහැ.මේක පොඩ්ඩක් වෙනස්.හිටියෙ කුමාරයෝ ම දෙන්නෙක්.මෙහෙම මම කිව්වට මම කුමාරයෙක් කියන එක මම ම තමයි මවාගත්තේ.මොකද මම එයාට ඒ දවස්වල ඉඳල ආදරේට කිව්වෙ මගේ පුංචි රජ කුමාරිය කියලා.ඉතින් මම ත් නිකන්ම කුමාරය වෙලා හිටියෙ මගේ ලෝකයේ.හැබැයි අරූ නම් එහෙම නැහැ ඌ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කුමාරයෙක් මමත් එක්ක සසඳද්දි.
තවත් විදිහකින් මේක මනමේ සීන් එකට වඩා ටිකක් වෙනස් වෙන්න නියමිතව තිබුනා.මෙතනදී මම දැනගෙන හිටියා එයාගෙ අලුත් කුමාරයා මාව කොහොමත් ම මරන්නේ නැහැ කියලා කඩුව ලැබුනත්.පිටට තට්ටූවක් දාලා නිකන් මෝඩයෙක් නොවී ඉඳපන් කියයි වැඩිම උනොත්.ඉතින් ඒ දන්න නිසාම ද කොහෙද මම දිගටම ඌත් එක්ක ගේම ඉල්ලගෙන හිටියේ දරුණුවටම.
ඒත් උනේ හිතාගන්නත් බැරි දෙයක්..මගේ?(උගේ)කුමාරි කඩුව දුන්නේ මට.මටම තෙරුනේ නැහැ මොකද වෙන්නේ කියල..මේක නෙවෙයිනෙ සිද්දවෙන්න තිබුනේ.මම කඩුව ඉල්ල ඉල්ල තමයි හිටියේ.උදුරගන්නත් වගේ හැදුව කියල මතකයි.ඒත් මට කඩුව ලැබුනොත් මොකක්ද කළ යුත්තේ කියල මම දැනගෙන හිටියෙ නැහැ.හිතපු නැති දේවල් වෙද්දි කොහොමටත් කලබලයි..මම එක පාරටම කඩුව අරගෙන පැනපු ගමන් අරූට ඇනගෙන ඇනගෙන ගියා..සතුටක්ද කේන්තියක්ද මොකක්ද මන්ද මට ඒ වෙලාවේ ආවේ..
ඒක ඉවරයි..මම බලද්දි මාව පොලිසියෙන් වටකරලා.ඒක කොහොමද සිද්දවුනේ.අපි තුන් දෙනා විතරයි මෙතන හිටියේ.මෙලෝ බලු බල්ලෙක් හිටියේ නැහැ,දැන් මෙතන පොලිසියෙන්.අනිත් එක මෙච්චර ඉක්මනට?කෝ එතකොට කුමාරි..මට තවමත් තෝන්තු වගේ.
හිතන්න වෙලාවක් නැහැ.එතකොටත් මාව ජීප් එක ගාවටම ගෙනත්.අන්න එතනදි මම කුමාරිව දැක්ක.එයා ගොඩක් ඈතින්,ඒත් මට හොඳට පේනවා.එයාටත් එහෙමම වෙන්න ඔනේ.එයා මම දිහා බලාගෙන හිටියා.මට ඒ බැල්ම මතකයි.කොච්චර දුරින් උනත් ඒ ඇස් කියවන්න මට පුලුවන්.මම එයාට මුලින්ම ආදරය ප්‍රකාශ කරපු දවසෙ මගේ දිහා බලපු විදිහමයි.මොකද එක මගේ හිතේ දිගටම සනිටුහන් වෙලා තිබුනු එකක්.ඔව් ඒ බැල්ම මයි...
ඔව් සර් කෝල් එක හරි.මර්ඩර් කේස් එකක්.සැකකාරයා අපි භාරයේ,අපි දැන් ගේනවා.වෝකි ටෝකි එකට ඉස්සරහ උන්නු සාජන් පිළිතුරු දෙනවා ඇහෙනවා,ආපහු මම ඒ ඇස් කියවන්න ට්‍රයි කරා.
Tuesday, February 1, 2011
Tuesday, January 25, 2011
මිතුරනි... කෝ කොහෙද නුඹලා..?
නුගේගොඩ හංදියෙන්
කඩළ විස්සක
එතනින් ඩොමීනියන්
ගල් කෑල්ලට..
ගල් බෝතලය වට
කතා බහ කවය
වැඩිම උනොත්
ඇතුලෙන් දා ගත්තු ඔම්ලට් එක
එක ගෝල්ඩ් ලීෆ් එක
තුන් දෙනෙක් අත
අනුර අය්යා ගේ
කදිම සර්විස් එක
හිටි ගමන් අවා
එ'දවස්
මතකයට
මිතුරනීි...
කෝ කොහෙද නුඹලා..?
කඩළ විස්සක
එතනින් ඩොමීනියන්
ගල් කෑල්ලට..
ගල් බෝතලය වට
කතා බහ කවය
වැඩිම උනොත්
ඇතුලෙන් දා ගත්තු ඔම්ලට් එක
එක ගෝල්ඩ් ලීෆ් එක
තුන් දෙනෙක් අත
අනුර අය්යා ගේ
කදිම සර්විස් එක
හිටි ගමන් අවා
එ'දවස්
මතකයට
මිතුරනීි...
කෝ කොහෙද නුඹලා..?
Monday, January 24, 2011
නුඹ නොමැති රැය..

තරුත් ගිලගත්
කලු අහස් කුස
රැයෙහි කලුවර
එකතු කරගෙන
ගිගුම් දීගෙන දැඩිව කෝපෙන්
මහා වැස්සක් වස්සනා කල
බියෙන් සලිතව
නෙත් පියාගෙන..
ගෙල බදාගෙන
ම වෙතට තුරුලුව
ගෙවුනු ඒ රැය
නුඹට නුපුරුදු
මටද නුපුරුදු
රැයෙහි සීතල
සිරුරු විනිවිද ඇදී එද්දී
මගෙ පපුතුර
නිබඳ උනුසුම
සොය සොයා ඔබ
ගුලිව උන් හැටි
නුඹට මතකද?
ගෙවුනු ඒ රැය
දවා දහවල
නොයෙක් වැඩ මුර
ගෙවා මහ මග
ගොඩවැදුනු සඳ
ගලා නිදිමත
දෙනෙත් බරකර
සිහින සොයමින්
පිය මනින කළ
ඔබේ සුරතල් නෝක්කාඩුව..!
ඉඳින් යළි ඒ
රැයෙහි නොනිදමි..
සඳේ සාවිය
කෝ අසන කල
ඇය මා අසල යයි
ඔබ ලඟට ගෙන
ඔබේ සුරතල් වදන් අතරෙහි
ගෙවුනු ඒ රැය
ගිලන් වූ දිනක ඔබ ගත
ඔබේ වෙදදුරු මම නොවෙම්දැයි
රැය පුරා ඔබ ලඟින් හිඳ
ඔබෙ හිස සිබිම් සනසා
මගෙන් ජීවය ඔබට දුන්නෙමි
නුඹට සිහිවෙද?
ගෙවුනු ඒ රැය
පොවා මදුවිත
සිහිය අඩුකොට
රැගෙන ආ කල ම ගත
නොයෙක් ඔවදන් ඔබෙන් ඇසුවෙමි
අදුරුතුමියක් ලෙසින් මා ලඟ
තරවටුව හා තවම මතකය
ගෙවුනු ඒ රැය
ඉතින් සබැඳිය
මෙවන් මතකය
මගේ පපුතුර බොහෝ පිරී ඇත
මහා වේදනාවක් උසුලමි..
මෙහෙම සැමරුම් ගොඩක් අරගෙන
කොහොම හිතකින් නුඹ ගියාමද?
තවම දැවෙමින් පසුවෙමී..
දැන් උදාවන රැය න් දිගුමය
නින්ද කොහොමත් මහත් අරුචිය
දිනක මේ රැය වළළමී..
Wednesday, January 19, 2011
Sunday, January 16, 2011
නවාතැනට පෙර නැවතුම්පළ
නැවත ආ ජීවිතය
සුලඟත් සරදම්..
අහස ට නම් මගුල්..
Subscribe to:
Posts (Atom)