Tuesday, February 22, 2011

අතරමං වීම?



"පාර හොඳටම වැරදිලා තියෙන්නේ...
ඔයා මට පේන්නේ දුර ඉඳලාම පාර වරද්ද ගෙන වගේ..
ඔයා අර එක තැනකින් හැරුණු හැටි වැරදියි වගෙ...
ඔව් මම කියන්නේ මේ පාරේ දිගට ගියොත් අතරමං..
අය්යෝ..දැන් බලන්න ඔයා විතරක් නෙවෙයි ඔයා එක්ක ඇවිල්ලා මමත් දැන් අතරමං
මම හිතුවේ ඔයා එනකොට පාර හොඳට දන්නවා ඇති කියලා..ඔයාමනේ කිව්වෙ මේ පාරේ යමු කියලා..
ඔයා හොඳටම දන්නවා මම කොහොමත් මේ පාරවල් දන්නේ නැහැ කියලා ඔයා දන්නවා ඇති කියලා හිතලා තමයි මම ආවේ..
තවත් නම් මට බැහැ මේ පාරේ යන්න...
ඒත් මට හිතුනා..බලන්න මග දිගට හමුවුනු අය
ඔක්කොම මට පේන්නෙ අතරමං වෙලා..මම කැමති නැහැ ඒ මිනිස්සුන්ට
මම හැරෙනවා..
මම නවතිනවා.."

ඒ ඇය..

"එතකොට ඔයා...කොහොමද...?"

මම සම්පූර්ණ කරන්නත් කලියෙන් නැවත ඇය...

"නැහැ කවුරු හරි මුන ගැහෙයි පාර හොඳට දන්න
මට විශ්වාසයි එහෙම අය ගොඩක් ඉන්නවා..
හොඳ මාවත් හොඳට දන්න..
මට උදව් කරයි.
සමහර විට ආපහු හැරිලා එන කෙනෙක් හරි.."

"මම කැමති නැහැ තවත් අතරමං වෙන්න
තරහ වෙන්න එපා..
නැහැ මම කියන්නේ..."

ඇය තවත් මොනවදෝ කිව්වා.
මම පාර දිගේ ඉදිරියටම ආවා..
තවමත්...

1 comment:

  1. මාවත් අතරමංන් වුනා කතාවේ...

    ReplyDelete