Friday, February 4, 2011

නැවතීම..?


එතනදී තවත් අමුතු දෙයක් වෙන්ඩ තිබුනේ නැහැ.ඇත්තටම ඒක සාමාන්යයි.හරිම සමාන්යයි.මම එහෙම කියන්නේ කාට හරි අසාමාන්ය ගතියක් පොඩ්ඩක් හරි දැනුනොත්..
කොහොම හරි එයා මට කිව්වා, "දැන් අපි මෙතනින් මේක නවත්වන්න ඔනේ..ඔව් ස්ථීර්වම අපි?(මට ) මේක නවත්වන්න ඔනේ.. අපි මෙහෙම හිතමු.."කියල එයා තව මොනවදෝ කියාගෙන ගියා. සමාවෙන්න මම හරියට අහන් හිටියෙ නැහැ.හැබැයි නවත්වන්න හේතු නෙවෙයි එකක්වත්, ඔක්කොම නවතින්න ඔනේ කියන්න උදාහරණ.ඒක පැහැදිලියි.ඒ දෙක දේකක් නේ.
එහෙම නවත්වන්න හේතුවක් මම වත් එයා වත් දන්නෙත් නැහැ එහෙම එකක් මම අහන්නෙත් නහැ කියල එයත් මමත් හොඳටම දැන්නව.ඉතින් කොහෝමත් කියවෙන්නෙ නැහැ
එයා කිව්වෙ නැවතුම කියන එක අනිවාර්යයි කියන්න තියෙන උදාහරණ..
එයා අන්තිමට මෙන්න මෙහෙම කිව්ව..
"මම හිතන්නේ හැම දේයක නැව්තුමක් තියෙනවා.එහෙම නැහැ කියල කාට හරි කියන්න බැහැ.පොඩ්ඩක් ඉන්න වැරදියට ගන්න එපා මම මේ කියන්නේ සියළු දේ අනිත්යයි කියන එක නෙවෙයි.ඔව් තෙරුම් ගන්න අමාරු නම් එහෙම හිතුවත් කමක් නැහැ.ඒක අපි දන්න කාලේ ඉඳලා අහල තියෙන එක නෙ"
එහෙම කියාගෙන කියාගෙන ගිහින් එයා යන්න ගියා.
හරිම සාමාන්යයි "මම යනව.." එච්ච්චරයි කිව්වෙ.
එයා ගියා..ඒක ඇත්තටම යාමක්. ඒක ස්ථීරයි.ස්ථීරයි කියන වචනය තිබුනා එතන.
මමත් ආපහු හැරුන..හැරුන කියල වැඩක් වෙන්නෙ නැහැ. මම යන්නත් ඔනේ ඒ පැත්තටමයි.ආපහු හැරුන.ඒ දිහාවටම ගියා..දෙන්නම එකම දිහාවට..
එයා මට ටිකක් ඉස්සරහින් යනවා...මම ටිකක් පසුපසින් යනවා.අපි අතරේ එතරම දුරක් තිබුනෙ නැහැ.මම ගමන වේගවත් කරන්න ගියෙත් නැහැ.අමුතුවෙන් මන්දගාමි කරෙත් නැහැ.එම වේගෙන්ම ගියා.සමහරවිට එකම බස් එකේ යන්නත් පුලුවන් දෙන්නම.එද්දි අපි ආවේ එකම බස් එකේ නෙවෙයි උනත් යද්දි එකේම යන්න පුලුවන්.එයා නගින හරියෙන්ම..ඒක ටිකක් අවුල් වගෙ?
එයා ඉස්සරහින් නැග්ගොත් මම පස්සෙන් නගිනවා එය පස්සෙන් නැග්ගොත් මම ඉස්සරහින් නගිනවා..මම එහම හිතා ගත්ත..
ඇත්තටම ඔලුව අතුලෙ කිසිම දෙයක් නැහැ වගේ..හිස්බවක් ද?නැහැ එහෙම හිස් බවක්වත් නැහැ.
සිගරට් එකක අවශ්යතාවයක් තිබුනත් ඒ හරියෙ සිගරට් එකක් බොන්න පුලුවන් හෝටලයක් නැහැ.රුහුණු එකට ගියා නම ්
ප්ලේන්ටියකුත් දාගෙන උඩට ගිහින් එකක් බොන්න පුලුවන්.ඒත් මෙතන ඉඳල ටිකක් අවිදින්න වෙනව.එකටත් කම්මැලියි.හැබැයි සිගරට් එකෙ අවශ්යතාවයත්් දැන් තදින්ම දැනෙනව..
අන්තිමට මම ගිහින් ඉඳගත්තෙ විජෙවර්ධන බාර්් එකේ...පුරුදු තැන.පුරුදු කෙලවර ඉතුරු වෙලා තිබුන.මොකද අදත් මම ටිකක් කලින්
මේ වගේ වෙලවකදි හැමෝම කරන්නේ මේක.බම්බුව..මට එයාව හමු වෙන්න එනකොටත් ඔලුවෙ තිබුනෙ බියර් එකක් හරි බොන්න.
එයා මෙතනට සම්බන්ධ වෙන එකක් නැහැ.අරක්කු වලින් මේ වෙලාවට පරණ මතකයන් අවුස්සල හැගීම් බර කරන්න පුලුවන් තමයි.ඒත් එහෙම මතකයට නගන්න තරම් හැගීම්බර දෙයක් අපි අතරෙ තිබුණෙ නැහැ.ඇත්තටම මම ඒක මේ දැන් කල්පනා කරනව.කිසිම දෙයක් නෙද්ද?
කවුරු හරි දැන් අහුවොත් මොකෝ තනියම බොන්නේ ප්‍රශ්නද කියල අද නම් නොබී වෙරි වෙන ජාතියේ උත්තරයක් හැබැයි තියෙනව.මට ඒකට තනියම හිනා.
මට පොඩි පසුතැවීමක් තිබුනෙ මම ඒ වෙලාවෙදි මුකුත් නොකියපු එක.එයත් මගෙන් මුකුත් ඇහුවෙත් නැහැ..ඇහුවද කියල මට ඇත්තටම මතකයකුත් නැහැ.
තවත් සීය කුත් මුල් බිලටම එකතු වෙලා බාර් එකෙන් එලියට බහිද්දි ටිකක් රෑ වෙලා උනත් බෝඩිමට යා ගන්න ප්‍රවාහන පහසුකම් එච්චර කරදරයක් උනේ නැහැ
ටිකක් විතර වෙරියක් දැනෙනව..මම බෝඩිමටත් ගියාට පස්සෙ ඒ කෝල් එක ගත්තෙ..
පෝන් එක ඕෆ් වෙලා තිබුනේ. මම හිතන්නෙ මම බාර් එකේදි ඕෆ් කරා වෙන්ඩ ඔනේ.
එයා කතා කරා..
"ඔයා කොහේද ඉන්නෙ මම දැන් සෑහෙන්න වෙලාවක ඉඳල ගන්න බලනව පෝන් එක ඕෆ් නෙ..මේ අපි කතාකරමු..මේක මෙහෙම වෙන්න ඔනේ නැහැ..කෝ ඔයා මොකද සද්ද නැත්තේ.."
එයා දිගටම කියවගෙන යනව.....

2 comments:

  1. අපේ හැම ප්‍රශ්නෙදිම අන්තිමට අපි ගාව ඉතුරු වෙන්නේ
    අරක්කු සහ සිගරට් එක තමා...නරකකුත් නෑ...ඒක හරි අපි ගාව තියන නිසා

    ReplyDelete
  2. හ්ම්..එක එහෙම නෙමේ තමා වෙන්න තිබ්බේ....

    ReplyDelete