Wednesday, February 23, 2011

මල් ගවුම

මල් වැටුණු ගවුමක
ඇතුලට වෙලා නුඹ..
කා.....ලයකට පසු
ඇත්තටම ඔහොම
මුල් වරට දෝ මන්දා?
ඒ උනත්
කොහේ හෝ ඔය සිතුවම
ඇඳිලා තියෙනවා..
එක වරම
සිත කොහි ගිහින්?
නොරිස්සුම්,අමනාපකම්
හිත් රිදුම් පසු තැවුම්
සහ මනස්ගාත?
සියලු දේ
අහවරව
කුමක්දෝ කුලුඳුල්
හැඟීමක් මතුවෙලා..

No comments:

Post a Comment