Tuesday, September 6, 2011

අනේ අපි දැක්කෙ නැහැ..

එක්‌ අයෙක්‌ මියයයි - තව අයෙක්‌ අසාධ්‍යව රෝහලේ
ඉංජිනේරුවා හා බිරිඳ යටකර ඇමැති ආරක්‍ෂක රිය ඉගිලෙයි
"අපි දැක්‌කේ නෑ" අත්අඩංගුවට
පත් රියැදුරු කියයි - පුවතක්

අම්මපා..
දැක්කෙ නැහැ
ඇස් වහන් යන්නෙ අපි
පාර සුද්දයි අපිට
ඉතින් මොන පයන්නකට
ඇස් අරන් යන්නද?
තුමා යන්නෙත් එහෙම
අපි යන්නෙත් එහෙම

ඇස් ඇරන් යද්දී
හිතට හරි කරදරයි
තුමා එහෙමයි කිව්වෙ
ඇස් වහන් අරින්නටම..
පුරුදු වෙයල්ලා කියල

අනිත් එක මේක
දේව කාරිය
රාජ කාරියට වඩා
දේව කාරිය උතුම් අපට
දෙවි කෝප උනොත් හෙම
රජා වගෙ නෙවෙයි

ඇත්තමයි කියන්නෙ..
අනේ අපි දැක්කෙ නැහැ..
ඇස් වහන් යන්නෙ අපි
පාර සුද්දයි අපිට