Thursday, June 23, 2011

කොහොමද දැන් ඉන්දියාව අරින ඇරිල්ල? සනීපයි නේ...?

IPL යනු ඉන්දියාව සිය එක්දින ක්‍රිකට් ක්‍රීඩාව මුවහත් කරගැනීම සඳහා යොදාගත් හොඳම ක්‍රමවේදයයි.එම ලෙසටම අප වගේ රටවල් වල ක්‍රිකට් නැති භංග කර දැමීමටත් එය යොදාගන්න ඔවුන්ට හැකිවී ඇත.
එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් මරාගන්න කවුද අකමැති.
මන්ද සල්ලි දුටු විට ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම පසෙක දමා ජාතික කණ්ඩායමට අදාල තරඟ කඩාකප්පල් කරගෙන හෝ මෙහෙ ඉඳන් ම කලිසම් ගලවගෙන දෙන්න දුවන ක්‍රිකට් විරුවන් අපට ඇති නිසාවෙනි.ඒ වෙනුවෙන් ජාතික කණ්ඩායමේ නායකත්ව,උපනායකත්ව යෙන් පවා අස් වීමට අපේ මේ ක්‍රිකට් විරුවන් සුදානම්ය.එයටම හරියන කොන්ද පණ නැති පාලක මණ්ඩලයක් සහ ක්‍රීඩා ඇමතිවරු ද අපට සිටී..
දීමේ තරමටම ඇරිල්ලේද සැර වැඩි බව පෙනේ..කොහොමද දැන් ඉන්දියාව අරින ඇරිල්ල?
සනීපයි නේ...?

3 comments:

  1. මේ වන විට ක්‍රිකට් යනු ක්‍රීඩාවක් නොව යහමින් මුදල් ඉපයීමට හැකි ව්‍යාපාරයකි. ඉන්දියාව ගහන පදේට නටන කොන්ද කෙලින් තියාගන වැඩ කිරීමට නොහැකි අමනෝඥ දේශපාළුවන් සිටින මෙවන් රටක, තමන්ගේ මඩිය තර කරගැනීමට දේශපාලනික කටු කන හොරිකඩ බල්ලන් (දන්දෙනියගේ සෝමචන්ද්‍ර ද සිල්වා වැනි) ක්‍රිකට් ක්‍රීඩාවේ මහා පුටු වල ලැගසිටින තාක් කල් ක්‍රිකට් ක්‍රීඩාවට අනාගතයක් නොමැත.

    ReplyDelete
  2. ඉන්දියාව අරින බැව් හැබෑය... සංගක්කාර, මහේල තමන්ගේ තනතුරු වලින් අස්වූයේ මුදල් නිසා යැයි චෝදනා කිරීම හරි නැත. පසුගිය ලෝක කුසලාන තුනෙන්ම පසු(2003,2007,2011) නායකයෝ ඉල්ලා අස්වූහ. මෙවර උප නායකයාද ඉල්ලා අස්වූයේ ඔහු කලින් නායක කම අත හැරි කෙනෙක් නිසා විය යුතුය.

    ReplyDelete
  3. කිරිකැට් කියන්නේ හරියට මෙගා නාට්‍යක් වගේ එකක්. ධනපති පන්තියට පමනක් මෙන රටෙත් සීමාවු නාඩගමක්.

    ReplyDelete