Sunday, January 22, 2012

ඔතමි හීනියට පැට්ටෙක්..

ඔතමි
හීනියට
පැට්ටෙක්..
අමුවෙන්ම ප්‍රේමය
නැත රාගයේ සිගරට්
කලවම් කරන්නට
ඇද්දා..ම
කැස්ස නැත
වැදුනාම ලේසියෙන්

බහින්නෙත් නැත.

Tuesday, September 6, 2011

අනේ අපි දැක්කෙ නැහැ..

එක්‌ අයෙක්‌ මියයයි - තව අයෙක්‌ අසාධ්‍යව රෝහලේ
ඉංජිනේරුවා හා බිරිඳ යටකර ඇමැති ආරක්‍ෂක රිය ඉගිලෙයි
"අපි දැක්‌කේ නෑ" අත්අඩංගුවට
පත් රියැදුරු කියයි - පුවතක්

අම්මපා..
දැක්කෙ නැහැ
ඇස් වහන් යන්නෙ අපි
පාර සුද්දයි අපිට
ඉතින් මොන පයන්නකට
ඇස් අරන් යන්නද?
තුමා යන්නෙත් එහෙම
අපි යන්නෙත් එහෙම

ඇස් ඇරන් යද්දී
හිතට හරි කරදරයි
තුමා එහෙමයි කිව්වෙ
ඇස් වහන් අරින්නටම..
පුරුදු වෙයල්ලා කියල

අනිත් එක මේක
දේව කාරිය
රාජ කාරියට වඩා
දේව කාරිය උතුම් අපට
දෙවි කෝප උනොත් හෙම
රජා වගෙ නෙවෙයි

ඇත්තමයි කියන්නෙ..
අනේ අපි දැක්කෙ නැහැ..
ඇස් වහන් යන්නෙ අපි
පාර සුද්දයි අපිට

Thursday, June 23, 2011

කොහොමද දැන් ඉන්දියාව අරින ඇරිල්ල? සනීපයි නේ...?

IPL යනු ඉන්දියාව සිය එක්දින ක්‍රිකට් ක්‍රීඩාව මුවහත් කරගැනීම සඳහා යොදාගත් හොඳම ක්‍රමවේදයයි.එම ලෙසටම අප වගේ රටවල් වල ක්‍රිකට් වලට කෙලින්නත් එය යොදාගන්න ඔවුන්ට හැකිවී ඇත.

එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් මරාගන්න කවුද අකමැති.

මන්ද සල්ලි දුටු විට ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම පසෙක දමා ජාතික කණ්ඩායමට අදාල තරඟ කඩාකප්පල් කරගෙන හෝ මෙහෙ ඉඳන් ම කලිසම් ගලවගෙන දෙන්න දුවන ක්‍රිකට් විරුවන් අපට ඇති නිසාවෙනි.ඒ වෙනුවෙන් ජාතික කණ්ඩායමේ නායකත්ව,උපනායකත්ව යෙන් පවා අස් වීමට අපේ මේ ක්‍රිකට් විරුවන් සුදානම්ය.එයටම හරියන කොන්ද පණ නැති පාලක මණ්ඩලයක් සහ ක්‍රීඩා ඇමතිවරු ද අපට සිටී..

දීමේ තරමටම ඇරිල්ලේද සැර වැඩි බව පෙනේ..කොහොමද දැන් ඉන්දියාව අරින ඇරිල්ල?

සනීපයි නේ...?

Sunday, June 19, 2011

පොසොන් දින ලියන ලදි..

තිස්ස ලා....ත්
මිහිඳු ලා....ත්
දැන්
හවුලෙ
දඩයමේ..