Tuesday, January 25, 2011

මිතුරනි... කෝ කොහෙද නුඹලා..?

නුගේගොඩ හංදියෙන්
කඩළ විස්සක
එතනින් ඩොමීනියන්
ගල් කෑල්ලට..
ගල් බෝතලය වට
කතා බහ කවය
වැඩිම උනොත්
ඇතුලෙන් දා ගත්තු ඔම්ලට් එක
එක ගෝල්ඩ් ලීෆ් එක
තුන් දෙනෙක් අත
අනුර අය්යා ගේ
කදිම සර්විස් එක
හිටි ගමන් අවා
එ'දවස්
මතකයට

මිතුරනීි...
කෝ කොහෙද නුඹලා..?

Monday, January 24, 2011

නුඹ නොමැති රැය..



තරුත් ගිලගත්
කලු අහස් කුස
රැයෙහි කලුවර
එකතු කරගෙන
ගිගුම් දීගෙන දැඩිව කෝපෙන්
මහා වැස්සක් වස්සනා කල
බියෙන් සලිතව
නෙත් පියාගෙන..
ගෙල බදාගෙන
ම වෙතට තුරුලුව
ගෙවුනු ඒ රැය

නුඹට නුපුරුදු
මටද නුපුරුදු
රැයෙහි සීතල
සිරුරු විනිවිද ඇදී එද්දී
මගෙ පපුතුර
නිබඳ උනුසුම
සොය සොයා ඔබ
ගුලිව උන් හැටි

නුඹට මතකද?
ගෙවුනු ඒ රැය

දවා දහවල
නොයෙක් වැඩ මුර
ගෙවා මහ මග
ගොඩවැදුනු සඳ
ගලා නිදිමත
දෙනෙත් බරකර
සිහින සොයමින්
පිය මනින කළ
ඔබේ සුරතල් නෝක්කාඩුව..!
ඉඳින් යළි ඒ
රැයෙහි නොනිදමි..
සඳේ සාවිය
කෝ අසන කල
ඇය මා අසල යයි
ඔබ ලඟට ගෙන
ඔබේ සුරතල් වදන් අතරෙහි
ගෙවුනු ඒ රැය

ගිලන් වූ දිනක ඔබ ගත
ඔබේ වෙදදුරු මම නොවෙම්දැයි
රැය පුරා ඔබ ලඟින් හිඳ
ඔබෙ හිස සිබිම් සනසා
මගෙන් ජීවය ඔබට දුන්නෙමි

නුඹට සිහිවෙද?
ගෙවුනු ඒ රැය

පොවා මදුවිත
සිහිය අඩුකොට
රැගෙන ආ කල ම ගත
නොයෙක් ඔවදන් ඔබෙන් ඇසුවෙමි
අදුරුතුමියක් ලෙසින් මා ලඟ
තරවටුව හා තවම මතකය
ගෙවුනු ඒ රැය

ඉතින් සබැඳිය
මෙවන් මතකය
මගේ පපුතුර බොහෝ පිරී ඇත
මහා වේදනාවක් උසුලමි..
මෙහෙම සැමරුම් ගොඩක් අරගෙන
කොහොම හිතකින් නුඹ ගියාමද?
තවම දැවෙමින් පසුවෙමී..
දැන් උදාවන රැය න් දිගුමය
නින්ද කොහොමත් මහත් අරුචිය
දිනක මේ රැය වළළමී..

Wednesday, January 19, 2011

ආසියාවේ ආශ්චර්යය



රට්ටුන්ට
සිරගෙයකි
නොරටුන්ට
කෙළි බිමකි

(November 2010)

Sunday, January 16, 2011

පිරිල තිබුනා..ට

පිරිල
තිබුනා..ට
කොහේ හරි
කාන්දුවීමක්..
නැහැ
වැඩි කාලයක්
රැඳෙන එකක්

(08-12-2010)

ඇමතිට තේරෙයි..අපිට නොතේරෙයි

(පින්තූරය උඩ Click කරන්න)

(November 2010)

හිස් නොවන ජින් වීදුරුව



ඔබ අතින්
ඇය අතින්
වරින් වර
පිරවෙන
කිසි දාක
හිස් නොවන
මගේ ජින් වීදුරුව


(25-11-2010)

විරහවට මම ආදරෙයි..

((පින්තූරය උඩ Click කරන්න)

(20-11-2010)

නවාතැනට පෙර නැවතුම්පළ



රුදුරු වැස්සෙන් පහර වදිමින්
අඳුර සමගින් ගොඩ වදින්නෙමි
සිනහා,ඝෝසා,සුසුම් අතරින්
පුරුදු මුල්ලට පිය නගන්නෙමි


(05-12-2010)

නැවත ආ ජීවිතය



සිහි නැති වන තුරුම
පොවා ඈතකට ගෙන ගොස්
දමා ආ ජීවිතය

ඇයට හමුවී
නැවත රැගෙන
පැමිණ ඇත මා වෙතට
සිහිය ඇත දැන් හොඳින්
ප්‍රාණ වායුව ද පිඹ ඇත
ඇය හොඳින්

ඉතින් නැවැත පිළිගනිමි
ජීවිතය
ඇයට බොහෝමත්
ස්තූත්යි!

(10-12-2010)

සුලඟත් සරදම්..




නුවර සිට එන සුලඟ හමුවුනි
ඔබව හමුවුනු වගක් පැවසුනි
සුලඟෙ සරදම හොඳින් වැටහුනි
කිසිත් නො'අසා නිහඬවම උනි


(නොවැම්බරය 2010)

නිදි වැදීම



රට කරන මහ පිරිස
සිර කරති සිසු පිරිස
නිදි වැදුණු පොදු පිරිස
තව දකිති මරු සිහින

(31-10-2010)

අහස ට නම් මගුල්..



එක දිගට මාසයක්
තවත් දින ගනනාවකුත්
හඬා ලොවටම කියා දුක
එයිනුත් නොනවැතී
තර්ජනය කර
පිඩාවටත් පත් කර
උදුරාගෙන සඳ මගෙන්
අහස දැන් සැරසෙන්නේ
ඇය සමග මංගල්යයට
ඇරයුමක් ද එවා ඇත
ලබන සඳුදා ලු
ඒ කියන්නෙ 20 වෙනිදා ලු
උත්සවය.


(14-12-2010)

කොහේ වත් නැද්ද?



එහෙත් නැත
මෙහෙත් නැත
කොහේ හෝ
ඇතැයි සිතමි.
ඒත් කොහේවත්
නැති උනොත්?


(26-11-2010)