Sunday, January 16, 2011

නැවත ආ ජීවිතය



සිහි නැති වන තුරුම
පොවා ඈතකට ගෙන ගොස්
දමා ආ ජීවිතය

ඇයට හමුවී
නැවත රැගෙන
පැමිණ ඇත මා වෙතට
සිහිය ඇත දැන් හොඳින්
ප්‍රාණ වායුව ද පිඹ ඇත
ඇය හොඳින්

ඉතින් නැවැත පිළිගනිමි
ජීවිතය
ඇයට බොහෝමත්
ස්තූත්යි!

(10-12-2010)

No comments:

Post a Comment