Monday, March 7, 2011

වෙඩි වැදුණු හිත

වෙඩි වැදුණු තුවාල අඩුම තරමෙ පහක් වත්..හිල් වෙලා.ලේ ගලනවා.පුදුමෙ කියන්නේ මම මැරිලා නැහැ.මේ දැන් සිහිය ආවේ
මම නැගිටින්න බැලුවා.නැගිටින්න නම් අමාරුයි.ලේත් ගලනවා..ඉවරයක් නැහැ.
කොහොම හරි නැගිටින්න ඔනේ.මේක මේ සුළු පටු කාරණයක් නෙවෙයි නේ.වෙඩි වැදිලා තියෙන්නේ.දැන්ම මුකුත් නොකොරොත් මම මැරෙයි..
ඔව් මම මැරෙයි..මම හොඳම දහිරිය දැම්මා ඒත් බැහැ
එතකොට මට කවුද වෙඩි තිබ්බේ...?ඉස්සරහින් තියල තියෙන්නෙ..පසුපසින් නම් නෙවෙයි.ඒත් ඇයි..?මට...
මැරෙන්ඩ ඔන්න මෙන්න, ඒ අස්සෙ කෙලවරක් නැති ප්‍රශ්න
ආයිත් පාරක් මම නැගිටින්න උත්සාහා කරා..අඩපණයි ඒ පාර නම්.මම හිත හදාගන්න හදනකොටම මට නින්ද ගියා..
මට හීනයක් පෙනුනා..
මම හිටියේ ලස්සන වත්තක් මැද්දේ,සිමෙන්ති බංකුවක් උඩ. හොඳට වතු අලංකරනය කරපු වත්තක්.හරිම පිළිවෙලයි හැම දෙයක්ම.අතරින් පතර ලොකු ගස්, අතු විහිදුනු.වත්ත පුරා තණ පිටිය..
මට ටිකක් එහාට වෙන්න තිබුණු ගහේ සැලලිහිනියෙක් හිටියා
ඌ ටිකක් දුක්බරව වගේ හිටියෙ..
ඒත් එක්කම ඈත අහසෙ ඉඳල ආව ලස්සන කුරුල්ලෙක් මගෙ ලඟට වෙන්න තිබුණු අත්තක වැහුවා
කවදාවත්ම මම දැකල නැහැ ඒ වගෙ කුරුල්ලෙක්
"නැහැ ඒ කිරිල්ලියක්.." මට කවුදෝ කිව්ව. මම හැරිල බැලුව කට හඬ ආවේ පිටිපස්සෙන්..ගැහැණු කටහඬක්, ඒත් කවුරුවත් නැහැ..ලස්සන දිග සුදු සේලයක් වගේ එකක් එක පාරටම උඩට ගිහින් අතුරුදහන් උනා...මම ආපහු කිරිල්ලි දිහාවට හැරුනා
මේ කිරිල්ලි කොහෙන්ද? මම කලින් දැකලනම් නැහැ..ඇත්තටම ඔයා ලස්සනයි.ගොඩක් ප්‍රශ්න මට අහන්න තිබුණ
හැඩරුව කියනවානම් සිහින් සිරුරක් තියෙන්නේ.ටිකක් දිගයි..කහ සුදු මිශ්‍ර වුණු අමුතු ලස්සන පාටක් තිබුනෙ
කිරිල්ලි හොට ඈත් කරා.. මට පෙනුනෙ මගෙත් එක්ක හිනා වෙනව වගේ.මමත් පෙරලා හිනා උනා
කිරිල්ලි මොන මොනවදෝ කියන්න ගත්තා.හරිම මිහිරී..
ඒකෙ රිද්මයකුත් තිබුනා..මට තෙරුනා කිරිල්ලි සින්දු කියනවා කියලා
එයා ගායනා කරේ සැලලිහිණියා දිහා බලාගෙන.සැරින් සැරේ මගෙ පැත්තත් බලනවා මට පෙනුන.
මට හීනෙන් ම මතක් උනා මට වෙඩි වැදිලා නේද තියෙන්නෙ කියලා..මම මගේ අත අරන් ගියා පපුවෙ උඩ හරියට වෙන්න තුවාල වෙලා තියෙන තැනට එතන සීතලයි..ලේ හින්දා වෙන්න ඇති.මම ආපහු අත පහලට ගත්ත.මට ලොකු දුකක් වගේම බයකුත් දැනුණ.
කිරිල්ලි දිගටම ගායනා කරනවා..හරිම මිහිර්යි.
ඔන්න ඔය අතරෙ මගේ ගාවට එක පාරටම සුදු ම සුදු පූසියෙක් ආවා..ආපු ගමන් බංකුව උඩට පැන්න. මම සුදු පූසිව මගෙ ලඟට ගත්තා.පූසි මගෙ ඇඟේ දැවටෙන්න ගත්ත.පුරු පුරු ගගා මගේ ලඟම දැවටි දැවටි ඉන්නව.පූසිගෙ පුංචි ඇස් දෙක නිල් පාටයී..ඒ ඇස් දෙකින් මගේ දිහා දුකින් වගේ බලාගෙන හිටියා..මට හිතුනා පූසිටත් තේරිලා ඇති කියල මට තුවාල වෙලා තියෙන්නෙ කියලා
මම පූසිත් එක්කත් හිනා වෙන්න උත්සහා කරා..නැහැ මම දුකකින් නෙවෙයි ඉන්නෙ කියලා පෙන්වන්න.ඒත් බැල්ම වෙනස් උනේ නැහැ..හැබැයි තව ටිකක් මගේ ලඟට ලං වුනා
මම කහසුදු කිරිල්ල්ගෙ සින්දුවට ඇහුම්කන් දීගෙන ම හිටිය..
දැන් නම් මට තුවාල තියෙනවා කියලත් දැනෙන්නෙ නැහැ..අමුතු සනීපයක් මට දැනෙන්න උනා..මම තව ටිකක් තද කරල ඇස් දෙක පියාගත්ත..
අර කිරිල්ලිය තවම සින්දු කියනවා..පුසියත් දැවටි දැවටි ඉන්නවා...
මට එක පාරටම යමක් මතක් උනා.මගෙ ඇඟ පුරාම ලේ ඇති.පුසි ගෙ ඇඟෙත් ලේ ගෑවෙයි මම අහකට යවන්න්න හැදුවත් පූසි යන්නේ නැහැ..ලඟටම එනවා..
ඔන්න ටිකක් වෙලා යද්දි සිහිනෙ නැතුව ආයිමත් මට නින්ද ගියා..
මට ඇහෙරෙන කොට ටිකක් දවල් වෙලා..
මම වට පිට බැලුවා..කිරිල්ලිය වත් පූසිය වත් ලඟ නැහැ
ඒ වෙනුවට වටු කුරුල්ලා ඇවිල්ල..
මම ආපහු ඇස් පියාගත්තා..
වටු කුරුල්ල ඒක දැක්කද කොහෙද?
දැන් ඇති නිදාගත්තා අපිට ගෙවල් හදන්න යන්න තියෙනව ඉක්මන් කරන්න කිව්වා...
මට කේන්ති..මම තුවාල වෙලා ඉන්නේ.නැගිටින්න වත් බැරුව,මැරෙන්න ඔන්න මෙන්න.ඒ අස්සේ මෙයා මට ගෙවල් හදන්න යන්න කතා කරනවා..
මම මුකුත් කිව්වෙ නැහැ.එයාටම තෙරුම් ගන්න දීල නිහඬවම හිටියා.
අයිත් මෙන්න ඌ කතා කරනවා..එන්නෙ නැද්ද? ඒ පාර නම් මට කේන්තියි හොඳටම.මම ඇහුව පේන්නෙ නැද්ද වෙලා තියෙන දේ..මාව දැන් එක්කරගෙන යන්න එන්නෙ මලවුන් කියලා..
වටු කුරුල්ල හය්යෙන් හිනා වුනා..ඌ කුරුලෙක් උනත් ඌට සමච්චල් විදිහට හිනා වෙන්න පුලුවන්,කැත විදිහට.
මට කේන්ති ගියා.. මම නැගිට්ටා..මෙන්න මට නැගිටින්න පුලුවන්.අහ් මට මොකද උනේ..? කෝ මගේ තුවාල..එවා හොඳ වෙලා..කැලැල් විතරයි.
ඒත් එක පාරටම ඇතුලෙන් රිදුමක් ආව..මට තෙරුණා තුවාල හොඳ වෙලා තියෙන්නෙ පිටින් විතරයී.දැන් ඉතින් කරන්න දෙයක් නැහැ..මම වටු කුරුල්ලත් එක්ක යන්න පිටත් උනා.ගෙවල් හදන තැනට.කැලේ..ට.
මම වගේම වටු කුරුල්ලොත් එක්ක ආපු අය ගෙවල් හදනවා.උන්ගෙ මූනවල් වල පුදුම සතුටක් තියෙන්නෙ...එකෙක් වත් නැහැ මම වගේ දුකෙන් ඉන්න
මම ඇයි දුකෙන් ඉන්නෙ? මට තුවාල වුණු හින්දද? ඒ තුවාල තවම රිදුම් දෙන හින්දද?
එහෙමත් නැත්නම් මට පූසිවයි කිරිල්ලිවයි මතක් වෙලාද?
තේරුම් ගන්න අමාරුයි..දුකෙන් ඉන්නෙ කියල විතරයි දන්නේ
කට්ටිය හෝ ගාල වැඩ.ගෙවල් හදනවා..ලස්සනට. හරියට වෙසක් කූඩු තරඟයකට වගේ.හොඳම ගේ තෝරනවද දන්නෙ නැහැ සමහර විට
මට ඔනේ උනේ ඉක්මනට මෙතනින් පැනගන්න.ගෙදර ගිහින් නිදාගන්න.අදත් පූසි සහ කිරිල්ලි ආවොත්?
ඒත් එක්කම හිතට ආව නාවොත් කියල
හිතන්න වත් වෙලාවක් නැහැ..
වටු කුරුල්ල ආයිත් මොනවදෝ කියනව ඇහුනා..
මට මේ මොකද වෙලා තියෙන්නෙ..ඉස්සර ගෙවල් හදන්න අවහම මම මෙහෙම බල බල හිටියෙ නැහැ.
"උඹට පිස්සු..."
මට කවුරු හරි කියනවා ඇහුනා..රළු කට හඬක්.
"ගේ හදපන්..ඉකමනට.උඹ විහින් මැරෙන්නද හදන්නේ.."
මම පසු පස හැරිලා බැලුවා..
කලු මොකෙක්දෝ සතෙක් කැලේ ඇතුලට දුවලා ගියා
මම වටුකුරුල්ලත් එක්ක එකතු වෙලා ගේ හදන තැනට ආයිත් ගියා..කට්ටියම වැඩ.
මමත් ඔවුන්ටම එකතු උනා
තවමත් අර තුවාල ඇතුලෙන් රිදුම් දෙනවා..

2 comments:

  1. http://tharuatharin.blogspot.com/
    visit dizzzzzz........

    ReplyDelete