Sunday, March 27, 2011

කලුතර බෝධිය පසු කරමින්...

බස් එක කළුතර බෝධිය පහු කරමින් තිබුනෙ..බෝධිය ලඟදි පස්ස නො'උස්සපු එකම එකා මම වෙන්න ඇති..
මට එහා පැත්තෙ හිටපු මැදිවියට ආසන්න ගැහැණිය කාසි අහුරක් පාරට වීසි කරලා වැඳලා ඉවර වෙලා මම දිහා නොරුස්සනා බැල්මක් හෙලුවෙ ඒ නිසාම වෙන්න ඔනේ..පාරට වැටුනු කාසි ටික විසිරිලා යනවා..
මම ඒ දර්ශන දෙකෙන්ම ඇස් මුදවගෙන අනෙක් පසෙට යොමු කරා..

එහා පැත්තේ , නවීන පන්නයට සැරසිලා හිටපු තරුණ ජෝඩුවෙ තරුණයා වැඳලා ආපහු ඉඳ ගත්තේ කරේ තිබුණු ඝනකම් චේන් පොටේ අග ධර්ම චක්‍රයක් ලෙස නිර්මානය කරල තිබුනු පෙන්ඩනයත් සිප ගනිමින්ම..
තරුණිය සැනසුම් දායක මුහුණකින් යුතුව නැවතත් තරුණයාට තුරුල් උනා..පෙරටත් වඩා දැඩිව..

එතනිනුත් ඇස් ඉවත් කරගන්න සිදු උනේ තරුණයාගෙන් ලැබුණු නොරිස්සුම් සහගත,ප්‍රශ්නකාරී..සහ සමච්චල් සහගත බැල්ම නිසාම..

බෝධියට ආසන්න වෙද්දි නතර වුනු කැසට් එක ඒ වෙනකොටත් ආපහු හඬ තලන්න පටන් අරන්..

3 comments:

  1. ම්ම්... හැංගිච්ච කතාවක් තියෙනවා....

    ReplyDelete
  2. machan, umba hithanna godak dewal ithuru karala.. mama umbe cmnt 1th dakinna asai. puluwannam daanna. digatama liyanna..

    ReplyDelete
  3. ඇනෝනිමස් -> බෝහෝමත් ස්තූත්යි සහෝ දිරිමත් කිරීමට.
    මගේ කමෙන්ට් එක තමයි බන් මේ..

    ReplyDelete