Monday, January 24, 2011

නුඹ නොමැති රැය..



තරුත් ගිලගත්
කලු අහස් කුස
රැයෙහි කලුවර
එකතු කරගෙන
ගිගුම් දීගෙන දැඩිව කෝපෙන්
මහා වැස්සක් වස්සනා කල
බියෙන් සලිතව
නෙත් පියාගෙන..
ගෙල බදාගෙන
ම වෙතට තුරුලුව
ගෙවුනු ඒ රැය

නුඹට නුපුරුදු
මටද නුපුරුදු
රැයෙහි සීතල
සිරුරු විනිවිද ඇදී එද්දී
මගෙ පපුතුර
නිබඳ උනුසුම
සොය සොයා ඔබ
ගුලිව උන් හැටි

නුඹට මතකද?
ගෙවුනු ඒ රැය

දවා දහවල
නොයෙක් වැඩ මුර
ගෙවා මහ මග
ගොඩවැදුනු සඳ
ගලා නිදිමත
දෙනෙත් බරකර
සිහින සොයමින්
පිය මනින කළ
ඔබේ සුරතල් නෝක්කාඩුව..!
ඉඳින් යළි ඒ
රැයෙහි නොනිදමි..
සඳේ සාවිය
කෝ අසන කල
ඇය මා අසල යයි
ඔබ ලඟට ගෙන
ඔබේ සුරතල් වදන් අතරෙහි
ගෙවුනු ඒ රැය

ගිලන් වූ දිනක ඔබ ගත
ඔබේ වෙදදුරු මම නොවෙම්දැයි
රැය පුරා ඔබ ලඟින් හිඳ
ඔබෙ හිස සිබිම් සනසා
මගෙන් ජීවය ඔබට දුන්නෙමි

නුඹට සිහිවෙද?
ගෙවුනු ඒ රැය

පොවා මදුවිත
සිහිය අඩුකොට
රැගෙන ආ කල ම ගත
නොයෙක් ඔවදන් ඔබෙන් ඇසුවෙමි
අදුරුතුමියක් ලෙසින් මා ලඟ
තරවටුව හා තවම මතකය
ගෙවුනු ඒ රැය

ඉතින් සබැඳිය
මෙවන් මතකය
මගේ පපුතුර බොහෝ පිරී ඇත
මහා වේදනාවක් උසුලමි..
මෙහෙම සැමරුම් ගොඩක් අරගෙන
කොහොම හිතකින් නුඹ ගියාමද?
තවම දැවෙමින් පසුවෙමී..
දැන් උදාවන රැය න් දිගුමය
නින්ද කොහොමත් මහත් අරුචිය
දිනක මේ රැය වළළමී..

1 comment: